ගංවතුර හේතුවෙන් හානි වූ වගාවලට වන්දි මුදල් ලබා දීම අනිද්දා (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ, රුපියල් මිලියන 166.7කට ආසන්න වන්දි මුදල් ප්‍රමාණයක් ගොවීන් 6,234 දෙනෙකුට ලබාදීමට නියමිත බවයි.

පොළොන්නරුව, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වගා බිම් අක්කර 13,376 ක් සඳහා මුල් අදියරේ මෙම වන්දි මුදල් ලබා දෙනු ඇති.

source :- https://tinyurl.com/2dtj9jjn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here