ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී අද (24) තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වන සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

source :- https://tinyurl.com/4m898drt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here