අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බවයි ඔවුන් නිවේදනය කරනු ලබන්නේ.

මෙහිදී දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් ලැබී ඇති බවත්, පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් ලැබුණු නමුත් ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් පමණක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලැබූ බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/yvceaz6f

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here