අනාරක්ෂිත හෝටලයක ආහර ලබා ගැනීම සඳහා ගිය සිසුන් 06 දෙනෙකු අනතුරට ලක්වීමෙන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට අද (18) ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු බවයි පොලිසිය පවසන්නේ.

බාහිර පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි ළමුන් පිරිසක් ආහාර ගැනීමට මෙම හෝටලයට ගොස් තිබෙනවා.

ඔවුන් හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටීමෙන් අඩි 15ක් පමණ බෑවුමකට සිසුන් පිරිස පෙරළීගොස් අනතුරට ලක්වී තිබෙන බවයි පැවසෙන්නේ.

අනතුරට ලක් වූ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගිනිගත්හේන රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ.

source :- https://tinyurl.com/yckdhv4x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here