පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු මේ මස අවසානයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි කියා සිටියේ වගා හානි පිළිබද තක්සේරු කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල වගාවන් සදහා දැඩි හානි සිදුව තිබුණා.

source :- https://tinyurl.com/3cmd4p8y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here