නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට හෙට (14) දිනයේ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සදහන්.

එමෙන්ම, කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 55ත් දක්වා ඉහළ යා හැකියි.

මේ අතර, බස්නාහිර සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල හෙට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

source :- https://tinyurl.com/y3ssubmp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here