බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා තෛයිපොංගල් උත්සවය යෙදෙන හෙට අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කළේ.

ඒ අනුව සියලු‍ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතීවලට අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/h5vhmrxc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here