එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය හෙට (21) ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30 ට ආරම්භ වන අතර, අද පැවතී මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා, පලමු තරඟයේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ අතර හෙට තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුව නිවේදනය කළා.

සංචිතයේ සිටින නවක ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට දිනයේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි වෙයි.

මේ අතර කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යය දිනේශ් චන්දිමාල් හට පවරා තිබෙනවා.

කලකට පසු ටෙස්ට් සංචිතයට කැඳවූ පැතුම් නිස්සංක, හෙට දිනයේ ක්‍රීඩා කරන කණ්ඩායමට නම් කර නැහැ.

ඒ අනුව, පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න
නිශාන් මධුෂ්ක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිවුස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
මිලාන් රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here