මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් රැඳවියෙකු (43) මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට පෙරේදා (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබුණා.

එම අනතුරෙන් 34 හැවිරිදි එක් රැඳවියෙකු එදිනම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, එම අනතුරෙන් 11 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් මාතර මහ රෝහලට ඇතුලත් කළා.

ඔවුන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අයෙකුයි මෙසේ මියගොස් ඇත්තේ.

source :- https://tinyurl.com/5n6fx67z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here