වී සදහා ඉදිරි දින කිහිපයේදී නව සහතික මිලක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී අරඹමින් ඔහු කියා සිටියේ පොහොර සහනාධාර නොලැබුණු ගොවීන්ටද ඉදිරි සතිය තුළ එම මුදල් ලැබෙනු ඇති බවයි.

මේ අතර, මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර භූමිතෙල් මිල හැර සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවීම පිළිබද ජනතාව රජයට චෝදනා එල්ල කළා.

මේ අතර, දේශීය ටයර් මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශිය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ. දේශිය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළද අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවය පළ කළ බවයි සිය ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින් අමාත්‍යාවරයා ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/5n8vm8ks

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here