අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපි‍යල් 6,000ක දීමනාව ලබාදීමේදී ඔවුන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අනුව, එම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඊයේ ඔහු කියා සිටියේ.

මේ අතර, රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටලු‍ විමර්ශනයට, ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වන මහජන පැමිණිලි කරුණු දැක්වීම මෙන්ම විවිධ මූලාශ්‍රවලින් වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමටයි මෙම ඒකකය පිහිටුවා ඇත්තේ.

එම කරුණූ විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණීයේ නිලධාරියෙකු හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටු වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

source :- https://tinyurl.com/bdfxyn9e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here