ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආද‍ායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා.

ඒ අනුව ටින් අංකය සහ ප්‍රාග්ධන ලාභ බදු වාර්තා ලබා ගැනීම එහිදී සිදුකරගත හැකියි.

මේ වන විට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුවන අතර බදු ගෙවා අදාළ වාර්තාව නියමිත දිනට ගොනු කිරීමට අපොහොසත් වීමෙන් දඩ හෝ බන්ධනාගාර ගත කිරීමකටද යටත් කළ හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here