
සීගිරිය සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් කෝටි 240ක් ප්රදානය කිරීමට කැමැත්ත පලකර තිබෙනවා.
සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණින් මෙම ප්රදානය සිදුකරන බවයි පැවසෙන්නේ.
මේ සඳහා වූ සාකච්ඡාවක් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ලෝක උරුම සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට මේ හරහා අපේක්ෂිතයි.
ඒ අනූව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.
අදාල සාකච්ඡාවට ඊට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) නියෝජනය කර එහි දේශීය අධ්යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්යක්ෂ යොන්ග් වන් කිම් (Yong whan Kim) අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ඇතුළු පිරිසක් එක්වූණා.
source :- https://tinyurl.com/3r57rre5







