
වෙළඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය අනුව මේ වන විට පුද්ගලික අංශය මගින් සහල් මෙටි්‍රක් ටොන් 75,000ක් ආනයනය කර තිබෙනවා.
ඒ අතර කැකුලු සහල් මෙටි්‍රක් ටොන් 32,000ක් සහ මෙටි්‍රක් ටොන් 43,000ක් නාඩු සහල් වන බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.
කෙසේ වෙතත් තවදුරටත් වෙළෙඳපොළ තුළ කැකුළු සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

වෙළදපළේ පාලන මිල ගණන් ඉක්මවා සහල් අලෙවි වන බවටත් ඇතැම් වෙළදුන් මිල ගණන් ප්‍රදර්ශනය නොකර සහල් අලෙවිකරන බවටත් පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මේ අතර යම් ආකාරයකින් රට තුළ ලුණු හිඟයක් ඇති වුවහොත් ඊට පිළියම් ලෙස ලුණු මෙටි්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇති බව ලංකා ලුනු සමාගමේ නව සභාපති නන්දනතිලක ප්‍රකාශ කළා.
එමෙන්ම පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවූ මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
මේ දිනවල වෙළෙඳපොළේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25ත් 30ත් අතර මිලකටයි.







