කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙක් සාහයකයන් දෙදෙනෙක් මෙන්ම ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි බණ්ඩාරගම පොලිසිය පවසන්නේ.

පෙට්‍රල් ලීටර් 70ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7ක් සමගයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බණ්ඩාරගම, වැල්මිල්ල, මෛත්‍රී මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

source :- https://tinyurl.com/2jjfxxja

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here