ගාලු‍ කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 31 වනදා දක්වා එය තාවකාලිකව වසා තැබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සදහන් කළේ, පැරණි දොරකඩ ආශ්‍රිතව රසායනික සංරක්ෂණ කටයුත්තක් සිදුකරන බවයි.

ඒ අනුව අද සිට ලබන 31 වනදා දක්වා ගාලු‍ කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කෙරෙනු ඇති.

මේ අතර ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආරක්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2. 4ක ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා

source :- https://tinyurl.com/2z2easne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here