
බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ අද (27) සිට වසා දැමීමට රාවණා ඇල්ල වනජීවී නිළධාරීන් කටයුතු කර තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ, පුහුණුව ලැබූ මගපෙන්වන් හා නුපුහු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.
මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සිය රැකියාවේ නිරතවන ත්‍රිරෝද රථ රියදුරන් සහ වෙළඳසැල්වලට දැඩි පාඩුවක් සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේනමුත් මේ සම්බන්ධව හෙට (28) ඇල්ල පොලිසියට දෙපාර්ශවයම කැඳවා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවයි වනජීවි නිළධාරින් පවසා ඇත්තේ.
source :- https://tinyurl.com/k6322dc3







