
ගාලු කොටුවේ පැරැණි කොටු දොරකඩ ආශ්රිත සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් හෙට සිට ලබන 31 වනදා දක්වා පැරණි කොටු දොරකඩ තාවකාලිකව වසා තැබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සදහන් කළේ, පැරැණි දොරකඩ ආශ්‍රිතව රසායනික සංරක්ෂණ කටයුත්තක් සිදුකරන බවයි.
ඒ අනුව හෙට සිට ලබන 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කෙරෙනවා.

source :- https://tinyurl.com/apr2c4cu







