කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු හදුනාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 32 හැවිරිදි සුමිත් ප්‍රසන්න නැමැති ව්‍යාපාරිකයෙකු මියගිය අතර, ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය සඳහන් කළේ, නාඳුනන පුද්ගලයෙකු විසින් නිවස ඉදිරිපිට ඇති අඹ ගසක සිට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි.

මියගිය ව්‍යාපාරිකයාට වෙඩි ප්‍රහාර 04ක් සහ බිරිදටද එක් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ඔහු මීට මාස කිහිපයකට පෙර එම නිවසේ පදිංචියට පැමිණ ඇති අතර, මියගිය පුද්ගලයා සූර්ය කෝෂ සවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවටයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව ව්‍යාපාර සම්බන්ධයෙන් මතුව ඇති ආරවුලක් බවට පොලිසිය සැක පළ කරනවා.

source :- https://tinyurl.com/yezzznz8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here