
සංචාරක කර්මාන්තය හිස ඔසවන මේ දිනවල සීගිරිය වැනි මෙරට ප්‍රධාන සංචාරක මර්මස්ථාන සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වුවත් සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් කසල ගැටලුව සහ කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලීන් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
සීගිරිය සැලකෙන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ශනය දිනාගත් මෙරට සුවිශේෂී දුර්ග බලකොටුවක් ලෙසින්.

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් සීගිරිය නැරඹීමටත් ඒ ආශ්‍රිත පුරා විද්‍යා පරිශ්‍රයේ සංචාරයටත් දක්වන්නේ දැඩි කැමැත්තක්.
කෙසේ වුවත් මේ වනවිට විදෙස් සංචාරකයින්ට සහ දේශීය සංචාරකයින්ට එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.
ඒ වන අලි තර්ජනය උග්‍ර වීම හේතුවෙන් සහ කැළිකසල කළමනාකරණයට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
ගම්වැසියන් පවසන්නේ සීගිරිය නව නගරයේ වාහන නැවතුම්පොළ අසළට කැළිකසල බැහැර කිරීමෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවයි.
මේ හේතුවෙන් රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේද වනඅලින් පැමිණ කැළිකසල ආහාරයට ගැනීමට පුරුදුව සිටින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
මෙම ගැටලුවට කඩිනමින් විකල්ප හඳුන්වා දී සීගිරිය සංචාරක මර්මස්ථානය රැක ගැනීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
source :- https://tinyurl.com/mvsvjk4p







