ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුකරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා.

මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

”සේවකයින් ඇතුළු ගුරුවරුන් අවුරුදු සමයත් සමග සතුටුදායකයි අපි කලිනුත් කිව්වනේ දැන් ඇත්තටම අපි ගොඩක් වැඩි වැටුප් වැඩි කිරීමක් යෝජනා කළේ හෝ කරන්නේ හුදෙක් දේශපාලන උවමනාවකට නෙමෙයි. අපි කවුරුත් දන්නවා මිනිස්සුන්ට ලැබිච්ච වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. එහෙනම් වැටුප් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒත් එක්කම අපේ තියෙන ආර්ථිකයේ තත්වය බිඳ වට්ටලා තියෙනවා. දැන් අපි ආණ්ඩු කරපු එකක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් අපිට එහෙම කියලා, අපිට ඕන නම් කියන්න පුළුවන් දැන් ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ.පටි තද කරගන්න මුකුත් කරන්න බැහැ. අපි දෙදාස් විසි හයේදී කරන්නම් කියනවා නම් තර්කය ගේන්නත් පුළුවන්නේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. ඒ නිසා අනිවාර්යෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වැටුප් වැඩිවීම පිළිබඳ විස්තර අපි අයවැයේදී ඉදිරිපත් කරනවා.”

source :- https://tinyurl.com/ysrnpw87

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here