පසුගිය නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 13.08කින් ඉහළ ගොස් තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ, ඒ තුළින් ඩොලර් මිලියන 70ක ආදායමක් උපයාගෙන ඇති බවයි.

එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන තුළින් ඩොලර් මිලියන 782ක ආදායමක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත්, අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එවන් පසුබිමකයි පසුගිය දිනවල වෙළෙඳපොළේ පොල් හිගයක් සහ පොල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

source :- https://tinyurl.com/5982haud

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here