
රුපියල් මිලියන එකයි ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දීසියක් මේ මස 24 වැනිදා පවත්වන බව මහ බැංකුව පවසනවා.
ඒ අනුව, රුපියල් මිලියන තිස්දහසක් වටිනා දින 91කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සහ දින 182ක් කල් පිරෙන රුපියල් මිලියන හතලිස්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දිසි කෙරෙනු ඇති.
එමෙන්ම, දින 364ක් කල් පිරෙන රුපියල් මිලියන පනස්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනවා.

source :- https://tinyurl.com/mr2jbvu9







