මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය 2017 වසරේ සිට ක්‍රියාත්මක කරන අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් , මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා උදෑසන ආහාර වේල සැපයීමේ වැඩසටහන 2025 වසරේදී තවත් ප්‍රවර්ධනය කිරීමට සූදානම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයගේ තාක්ෂණික මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, දැනටමත් දරුවන් 155,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර එක් දරුවෙකුට දිනකට රුපියල් 60/- ක මුදලක් වෙන් කර තිබූ අතර ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම මුදල රුපියල් 100/- දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් මධ්‍යස්ථාන යන නිර්ණායකය පදනම් කරගෙන, මෙම වැඩසටහන ආවරණය කරන පෙර පාසල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර මෙම යෝජනාව භාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය අනුමත කිරීම ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ගේ ආහාර මට්ටම උසස් කරමින් ඔවුන්ගේ සෞඛ්‍යය සහ සංවර්ධනය පෝෂණය කිරීමයි.

source :- https://tinyurl.com/3fzvw4td

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here