පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාළ විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කළේ.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත්වෙනවා.

source :- https://tinyurl.com/2yd76fwr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here