
නීත්‍යානුකූල නොවන ලෙස ගබ්සාවක් සිදු කර තිස් හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත නියෝග කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පිළියන්දල නාපමුණුව සල්මල් මාවත ප්‍රදේශයේ අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ, ඊට අදාළ මරණ පරීක්ෂණය ලබන ජනවාරි මස 7 දින සිදු කරන ලෙසයි.
දරුවාගේ වකුගඩුවල පවතින ගැටලුවක් හේතුවෙන් බිරියගේ ජීවිතයට මෙන්ම දරුවාගේ ජීවිතයට ද අවදානමක් පවතින බැවින් දරුවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රුපියල් 2,50000 මුදලක් අවශ්‍ය බවත් අදාළ වෛද්‍යවරයා අඹුසැමි යුවළට දැනුම් දී ඇති බවයි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

source :- https://tinyurl.com/3ez4kd2p







