
ඉන්දියාවේ මුම්බායි හිදී පැවැති ‘සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර් ඔෆ් ද ඉයර්’ (Sanctuary Asia Wildlife Photographer of the Year) තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගැනීමට තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත් වී තිබෙනවා.
කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට පැවැත්වෙන අතර, සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්රමුඛ කරගනිමින් ක්රියාත්මක කෙරෙන්නක්.
“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින්නේ වනජීවී ඡායාරූපකරණය වෙනුවෙනි.

වසර ගණනාවක් පුරා ශ්රී ලාංකීය ඡායාරූප ශිල්පීන් මෙහි විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව ඇති නමුත් විශිෂ්ටතා සම්මාන කාණ්ඩය යටතේ සම්මානයක් දිනු පළමු ශ්රී ලාංකීය ඡායාරූප ශිල්පියා බවටද තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක පත් වුණා.
source :- https://tinyurl.com/3vuks4y2







