එළඹෙන දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරකයින් 426,479 දෙනෙකු අඩු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා.

තවද, එම අධිකාරිය විසින් 2024 සඳහා වාර්ෂික පැමිණීම් මිලියන 2.3ක ඉලක්කයක් ද වසර ආරම්භයේදී ඩොලර් බිලියන 3.5ක ආදායමක් ද ඉලක්ක කරගෙන තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 11 වැනිදා වන විට වසර තුළ සංචාරකයින් 1,873, 521ක් පැමිණ ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉදිරි වසර දෙක තුළ සංචාරකයින් මිලියන හතරක ඉලක්ක ගත පැමිණීමක් සහ ඩොලර් බිලියන 8.5ක ආදායම් ඉලක්කයක් රජය විසින් අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පවසා තිබෙනවා.

source :- https://tinyurl.com/4k39yrwa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here