රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතයි.

එහි සහල් මෙට්‍රික් ටොන් 5,200ක් පවතිනවා.

එමෙන්ම, රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේවනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 4800ක් ගෙන්වා ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව, මෙම සහල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙළඳපොළට මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත්, පෞද්ගලික ආනයනකරුවන් විසින් ගෙන්වූ සහල් කිලෝග්‍රෑම් 75,000ක ප්‍රමාණයක ගුල්ලන් සිටීම, සහල් උරවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදන සමාගමේ විස්තර විකෘති කිරීම යන හේතුමත අදාළ බහාලු‍ම් නිදහස් නොකිරීමටයි රේගුව පියවර ගෙන ඇත්තේ.

එම සහල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙස රේගු දෙපාර්තමේන්තුව අදාළ ආනයනකරුවන් වෙත දැනුම්දී තිබෙනවා.

source :- https://tinyurl.com/2y7kya53

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here