
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එන්ජිම එකිනෙක ගැටීමේ සිද්ධියට අදාළව දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එම පීල්ලෙහි නවතා තිබූ සාගරිකා දුම්රියේ එන්ජිමේ ගැටී ඊයේ අනතුරක් සිදුව තිබුණා.
අනතුරින් දුම්රිය දෙකේ එන්ජිම්වලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත්, අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රිය සහයකගේ වැඩ තහනම් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
source :- https://tinyurl.com/ybrcju72







