
වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ ජාතික ඔලිම්පික් කමිටුව අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
මෙම වාතාවරණය මැද ඊයේ පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටු ව්ශේෂ මහසභාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

එමෙන්ම පැමිණි ඡන්දය හිමි සංගම් 26න් 23ක් වහාම ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර තිබුණා.
එම තත්ත්වය මධ්‍යයේ ලබන 30 වැනිදා පැවැත්වෙන වාර්ශික මහ සභා රැස්විමේදී නිලවරණ කමිටුව පත්කර නිලවරණය පැවැත්වීම පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බවයි ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සදහන් කළේ.
source :- https://tinyurl.com/29cs9d7r








