
ගිණුමක තිබූ ඩොලර් 30,000ක් ඉල්ලා එය ලබාගෙන ඊට ගෙවූ රුපියල් එක්කෝටි හය ලක්ෂයක් මංකොල්ල කෑ චීන ජාතිකයන්ගේ ගිණුම්වලින් පසුගිය 2018 වසරේ සිට රුපියල් මිලියන 1500ක් පමණ සංසරණය වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය කොටුව මහේස්ත්රාත් අධිකරණයට දන්වා සිටියා.
මෙහි මහමොළකරු ලෙස චීන ජාතික කාන්තාවක හඳුනාගෙන ඇති බවත්, ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් කී පොලිසිය, සැකකරුවන් ඇප මත මුදා හැරියහොත් ඔවුන් මුරපද භාවිතා කරමින් ගිණුම් තුළට ඇතුළු වී මුදල් ගැනිමට ඉඩක් ඇති බවද අධිකරණයට අවධාරණය කර සිටියා.
බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් පොලිසිය මේ බව කියා සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල සිදුකළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්රාත්වරිය ඔවුන් සිව්දෙනා තවදුරටත් ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කරනු ලැබුවා.

මෙරට පුද්ගලයෙකුට අයත් බයිනෑන්ස් ගිණුමක තිබූ ඩොලර් 30,000ක මුදල වෙනුවෙන් චීන ජාතිකයන් පිරිසක් ඔහු සමඟ ඇති කරගත් එකඟතාවය මත ලබා දුන් එක්කෝටි හය ලක්ෂයක මුදල කොල්ලුපිටිය සාප්පු සංකීර්ණයකදී කොල්ල කෑ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පොළොන්නරුව පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුව, විමර්ශන සිදුකරන අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඩොලර් 30,000ක් සන්තකයේ තබාගත් පුද්ගලයා සම්බ්නධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පියවර ගත යුතු බවයි. – මෙම පුවත සඳහා සුදුසු සිරස්තලයක් ලබා දෙන්න.
source :- https://tinyurl.com/f5b24wm9







