
බීච් කින්ග් 350 යානයක් ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට
බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
එම බීච් කින්ග් 350 ගුවන් යානය ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙස ගුවන් හමුදාවට ලැබන බවයි පැවසෙන්නේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වා.
මේ අතර මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද බීච් ක්‍රාෆ්ට් යානයක් ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබී තිබෙනවා.
බීච් කින්ග් 350 නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයක්.
මෙම නව ගුවන් යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව, සුවිශේෂි ආර්ථික කලාපය, සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ හා ඔත්තු බැලිමේ මෙහෙයුම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු බහුලව සිදුකිරීමටද නියමිත බවයි ගුවන් හමුදාව පවසන්නේ.
source :- https://tinyurl.com/9bdfd7rk







