උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට අද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය බටහිර වයඹ දෙසට ගමන් කරමින් හෙට දින ශ්‍රී ලංකා තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළගා වීමට ඉඩ පවතිනවා.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම්වලට අවදානය යොමු කරන ලෙසට ඉල්ලීමක් ද කරනවා.

source :- https://tinyurl.com/yt34x5wr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here