
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකරුවන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අධිකරණය හමුවී පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.
ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මාතලේ මහාධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා උපුල් තරංග විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණා.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
source :- https://tinyurl.com/3hufzmtd








