
හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙදුන් පවසන්නේ.
ඒ අනුව එළවළු මිල ගණන් පැවතියේ මෙලෙසින්.

වම්බටු කිලෝවක තොග මිල රුපියල් 280 -300 ත් අතර
මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් 250 – 300 ත් අතර
පතෝල කිලෝවක තොග මිල රුපියල් 150 – 200 ත් අතර
අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 280 – 350 ත් අතර
මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 480 – 500 ත් අතර
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 330 – 350 ත් අතර
source :- https://tinyurl.com/3pbveb9p








