උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රෝහිණී කවිරත්න කියා සිටියේ දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි එළවළු හා පළතුරු මිල පහත වැටී ඇති බවයි.

එමෙන්ම ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි වන්නේ නැති බවත් අස්වැන්න නෙලීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසුව කිසිදු ආදායමක් හිමි නොවන තත්වයකට ගොවීන් පත්ව ඇති බව ඇය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම තත්වය පාලනය කිරිම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව ඇය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එසේ වුව ද, ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ නාගරිකයේ තවමත් එළවළු මිල ඉහළ මට්ටමක පවතින අතර ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා අතට පත් වන මිල අතර පරතරය තුන් ගුණයක් හෝ හතර ගුණයක් තරම් ඉහල ගොස් ඇති බව ඇය අනාවරණ කර සිටියා.

කෙසේ වෙතත් මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/4n847hsk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here