මැදගම මොණරාගල මාර්ගයේ 10කණුව මුස්ලිම් පාසල අසලදී ලංගම බස් රථයක් හා ත්‍රීරෝදරථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂ‍යට පත්ව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් ත්‍රීරෝදරථ‍යේ ගමන්ගත් තිදෙනාම තුවාල ලබා මැදගම දිසාරෝහලට ඇතුලත් කළ අතර ඉන් බරපතල තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය බිරිඳගේ මවගේ අවමගුල් උත්සවය සඳහා මෙසේ එම ප්‍රදේශයට පැමිණ ඇති අතර මළගෙදරට අවශ්‍ය කරන භාණ්ඩ කීපයක් රැගෙන ඒමට මැදගම නගරයට පැමිණ නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන මදුසංක චමින්ද කුමාර නැමැති බකිනිගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

source :- https://tinyurl.com/rfunbekw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here