
මුලතිව් මුල්ලියාවලෙයි මාමුණෙයි ප්රදේශයේ අවුරුදු 19ක තරුණියක් සිය මිතුරිය හමු වීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී මිතුරියගේ ඥාති තරුණයෙකු විසින් එම තරුණියව බලහත්කාරයෙන් දූෂණය කර තිබෙනවා.
එම තරුණිය සොයා ගිය මිතුරිය ඒ අවස්ථාවේදී නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය ආපසු යාමට සූදානම්ව ඇති අතර එම අවස්ථාවේ වැස්සක් ඇද හැලී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇයට අදාළ මිතුරියගේ නිවසේ මද වේලාවක් රැදී සිටීමට සිදු වී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි තරුණයා විසින් මෙම තරුණියව බලහත්කාරයෙන් කිහිප වරක්ම දූෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් සිය නිවසට ගිය තරුණිය මේ බව මවට පවසා නිවසේ බාල්කායක ලණුවක් ගැට ගසා එහි එල්ලී සිය දිවි නසා ගැනීමට උත්සහ කර තිබෙනවා.
නමුත් නිවැසියන් ඇය වළක්වා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුලතිව් මුල්ලියවලෙයි පොලිසිය තරුණයා අත්අඩංගුවට ගැනීමට අදාළ නිවසට ගොස් ඇතත් ඔහු ඒ වන විටත් එම පළාතෙන් පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
source :- https://tinyurl.com/2jhpvpz4







