කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පවසනවා.

මේ අතර දිවයිනේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම එම නිවේදනයේ සඳහන් වෙන්නේ වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 16 ක පවුල් 40,516 කට අයත් පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ආපදාවට ලක්වූවන් ආරක්ෂිත ස්ථාන 79 ක රදවා සිටින බවයි.

එමෙන්ම, පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා අමතර භටපිරිස් ද යොදවා තිබෙනවා.

source :- https://tinyurl.com/2puxxrtr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here