
මෙරට ඇඟලුම් අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා.
එහි උප සභාපති ෆීලික්ස් ප්රනාන්දු මහතා පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ ඇති වූ ගැටුම් සහ එරට දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ඇඟලුම්
අපනයන ඇණවුම් ප්රමාණය ඉහළ ගොස් ඇති බවයි.
2023 වසරේ මෙරට සමස්ත අපනයනයන්ගෙන් 42%ක් ඇඟලුම් අපනයනයන් වූ අතර 2024 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් අපනයනයන්ගෙන් 42%ක්
ඇඟලුම් අපනයනයන් ලෙස දැක්වෙනවා.

එමෙන්ම 2023 වසරේ මුල් මාස 8 තුළ ඇඟලුම් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක ආදායමක් උපයා තිබූ අතර මේ වසරේ මුල් මාස 8 තුළ පමණක් එම
අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බංග්ලාදේශයේ ඇති වූ ගැටුම් සහ එරට දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ඇඟලුම් අපනයන ඇණවුම් ප්රමාණය ඉහළ ගොස් ඇතැයි
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙනවා.
source :- https://tinyurl.com/36jruhsy







