වැල්ලම්පිටිය, මීතොටමුල්ල කළ වැටළිමකදී කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 112 ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු, වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ විසින් ඊයේ (13) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකරගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටළිම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධිකය.

සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන පදිංචි අයෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

source :- https://tinyurl.com/ypxff64j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here