පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වුණා.

මේ අනූව එම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල තරමක පහළ ගොස් තිබෙන බව පෑලියගෙගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පවසනවා.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණි බව‍යි වාර්තා වන්නේ.

ඊයේ (11) දිනයේ සාලයා කිලෝවක තොග මිල රුපියල් 350ක්, ලින්නා කිලෝවක් රුපියල් 500ක්, බලයා කිලෝවක් රුපියල් 650ක්, සහ කෙලවල්ලා කිලෝවක් රුපියල් 900ක මිලට අලෙවි වුණා.

එමෙන්ම තලපත් කිලෝවක් රුපියල් 1800කටද, කොප්පරා කිලෝවක් රුපියල් 2000කටද, ඉස්සො කිලෝවක් රුපියල්1400 කට මෙන්ම දැල්ලො කිලෝවක් රුපියල් 1200කට අලෙවි කළ බව වාර්තා වුණා.

මේ අතර කුම්බලාවා කිලෝවක් රුපියල් 550කටද, හැඩැල්ලා කිලෝවක් රුපියල් 1200කටද, අලගොඩුවා කිලෝවක් රුපියල් 500කටද, ඉරටවල්ලා කිලෝවක් රුපියල් 500ක් වශයෙන් පැවතියා.

එසේම තෝරා කිලෝවක් රුපියල් 2500 කටද, ගල් මාළු කිලෝවක් රුපියල් 1000 කට සහ අමු හාල් මැස්සා කිලෝවක් රුපියල් 550 මිලකට පැවති බවයි පෑලියගෙගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමය පැවසුවේ.

source :- https://tinyurl.com/2st6czu3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here