
විශ්රාමලත් ග්රාම නිලධාරීවරයෙක් වෙඩි වැදීමකින් මියගොස් ඇතැයි කතරගම පොලිසිය පවසනවා.
එම පුද්ගලයා ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුල සිටියදී හිසට වෙඩි වැදී මියගොස් තිබෙන බව පවුලේ සාමාජිකයින් විසින් පොලිසියට දන්වා තිබෙනවා.
එම තොරතුර මත පරීක්ෂණ ආරම්භ කළ බවයි කතරගම පොලීසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ බෝපිටිය වික්රමසිංහ විතාරණගේ අනුර (66) නැමැති විශ්රාමික ග්රාම නිලධාරීවරයෙක්.
මොහුට වෙඩි වැදි ඇත්තේ ඊයේ (07) රාත්රි 11.30 පමණ බවයි පැවසෙන්නේ.
මෘත ශරීරය සහ තුවක්කුව තිබී හමුවූ ආකාරයට මරණකරු විසින්ම වෙඩි තබාගෙන අති බවටයි පොලීසිය සැක කරන්නේ.
වෙඩි පහරට හිසෙන් කොටසක් ගැලවී ගොස් ඇඳ මත විසිරී ඇති බවද පොලීසිය පවසනවා.
එම තුවක්කුව රජයෙන් නිකුත් කොට ඇති බලපත්ර සහිත තුවක්කුවක් ද යන්න සොයා බලන බවද පොලිසිය පැවසුවා.
මෙය දිවි නසා ගැනීමක්ද වෙඩි තැබීමක්දැයි සෙවීම සඳහා පරීක්ෂණ ක්රියාත්මකයි.







