තම පුතාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව දැනගත් පියෙකු සිය පුතා ජීවතුන් අතර නොසිටීම ගැන ඇති වූ වේදනාව හේතුවෙන් හෘදයාබාධයක් වැළඳී මිය ගොස් තිබෙනවා.

අදාළ සිසුවා මීගමුවේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියා දින දෙකකට පසු මාරක රිය අනතුරකට ලක්වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය 28 වැනිදා නිකුත් වූ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ඔහු විභාගය සමත් වී තිබෙනවා.

මියගිය සිසුවාගේ ප්‍රතිඵල දැන ගැනීමත් සමග කම්පනයට පත් වූ පියාට හදිසියේ හෘදයාබාධයක් වැළඳී මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි මීගමුව මූලස්ථාන පොලිසිය පැවසුවේ.

මියගිය සිසුවාගේ පියා 53 හැවිරිදි වියේ පසුවන අතර ඔහු තිදරු පියෙක්.

මෙම සිසුවා කටාන, ඉද්දගොඩැල්ල මාර්ගයේ පසුගිය මැයි මස 18 වැනිදා රාත්‍රී කාලයේ පාපැදියකින් ඥාතියකුගේ අවමංගල්‍යය නිවසක් වෙත ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මෙම සිසුවාගේ ප්‍රතිඵල ඉකුත් 28 වැනිදා නිකුත් වීමෙන් පසු මව සහ පියා යන දෙදෙනාම සිය පුතා විශිෂ්ට ලෙස විභාගය සමත් වී සිටියත් ඔහු ජීවතුන් අතර නොමැති වීම නිසා ඒ ගැන මහත් සේ වේදනාවෙන් පසු වී ඇති බවයි සඳහන් වන්නේ.

source :- https://tinyurl.com/2s5xszb4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here