අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යල කන්නය වෙනුවෙන් අක්කර 1000කට ආසන්න භූමි ප්‍රදේශයක ලොකු ළුෑණු වගාකළ ද, ගොවීන්ගේ ළුෑණු අස්වැන්න සදහා නිසි මිලක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත් වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ ළුෑණු කිලෝවක් සදහා තොග වෙළඳපොල මිල රුපියල් 156ක් 160ක් 170කට ආසන්න මුදලකට පැවතීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

ගොවින් වගාකළ ලොකු ළුෑණු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති අතර එමගින් වගාව සඳහා ලබාගත් ණය මුදල් ගෙවා දැමීමටවත් නොහැකි වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ වන විටත් පිටරටින් ලොකු ළුෑණු ආනයනය කිරීම හේතුවෙන් දේශීය ලොකු ළුෑණු සදහා මිලක් නොමැති අතර ඒ හේතුවෙන් තමා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙවර යල කන්නයේ දී ළුෑණු වගා කළ ගොවීන් රජයේ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 275 -300ක් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

source :- https://tinyurl.com/ywjrh3m7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here