කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙසින් අද (03) බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ ලකුණු 16කින් ස්කොට්ලන්තය පරාජයට පත් කරමින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.

ඩුබායිහි Sharjah හි පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ Shathi Rani ලකුණු 29ක්ද, Sobhana Mostary ලකුණු 36ක්ද, Murshida Khatun ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමේ Saskia Horley කඩුළු 03ක්ද, Kathryn Bryce, Olivia Bell සහ Katherine Fraser එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා ස්කොට්ලන්තයට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 120ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 103ක් පමණයි.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමේ Sarah Bryce නොදැවී ලකුණු 49ක් ද, නායක Kathryn Bryce සහ Ailsa Lister ලකුණු 11 බැගින්ද රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සහභාගීවන තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 07.30ට ඩුබායිහි Sharjah හි පැවැත්වීමට නියමිතයි.

source :- https://tinyurl.com/msmh66k6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here