මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූප ඇතුළත් කරමින් ඔහුට අපහාසයක් සිදුවන අයුරින් කොළඹ ඇතුළු ප්‍රදේශවල කිසියම් පිරිසක් විසින් දැන්වීම් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 27 සහ 41 යන වයස්වල පසුව අඹකොටේ සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් පෝස්ටර් නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සන්තකයේ තබා ගැනීම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූපය ඇතුළත් කරමින් ඔහුට අපහාසයන් වන අයුරින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේවල කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබීම සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ, අගෝස්තු 28 වැනිදායි.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 11 වැනිදා පුද්ගලයින් තුන් දෙනෙකු, පොස්ටර් ඇලවීමට යොදාගත් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවරුදු 22, 23, 44 යන වයස්වල පසුවන මඩපාත, මාතලේ සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අනුව අදාළ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති අතර මුළු පිරිස 5ක්.

source :- https://tinyurl.com/45hehxay

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here