2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම වැඩසටහන අද දින එරට වේලාවෙන් දහවල් 12.00 සිට ඇරඹෙන අතර, මාර්ගගත ක්‍රමය හරහා 2024 නොවැම්බර් 05 තෙක් ලියාපදිංචිය විවෘත වෙනවා.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර තිබෙනවා.

ඒ යටතේ වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000ක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-submit-entry1.html  යන වෙබ් අඩවියෙන් ඔබටත් අයදුම් කළ හැකි බවයි ශ්‍රී ලංකාවේ, අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ.

මේ සඳහා අයඳුම් කරන ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න පිවිසෙන්න,

source :- https://tinyurl.com/t6t88a22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here