
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහෙත් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී පවසනවා.

තම රට මෙලෙස ප්‍රහාර එල්ල කළේ, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 51 වන වගන්තිය අනුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රතිපහාර එල්ල කළහොත් ඉරානයේ ප්‍රතිචාර මීට වඩා දරුණු විය හැකි බවද ඔහු කියා සිටියා.
ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර 200ක් පමණ ඊයේ එල්ල කර තිබුණා.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.
source :- https://tinyurl.com/5n79szjh







